ආචාර්ය ඩබ්ලිව්. කේ. කොළඹගේ

ගොනු කිරීම - තිස්ස කොරතොට 

පෙබරවාරි 2023

ආචාර්ය ඩබ්ලිව් කේ කොළඹගේ යනු සෞන්දර්යය, ක්‍රීඩාව, ව්‍යාපාර කළමනාකරණය, ශාස්ත්‍රීය අංශය, පුවත්පත් කලාව සහ සමාජ සේවා යන ක්ෂේත්‍රවල අද්විතීය මාවතක් සනිටුහන් කරන ලද අසාහය චරිතයක් වේ. මේ සාරංස ගතකල ඔහුගේ චරිතාපදානයේ දිගහැරුමයි.


කිරුළපන ප්‍රදේශයේ කොළඹගේ මාවතේ හැදී වැඩුණු ඔහු නුගේගොඩ ශාන්ත ජෝශප් විද්‍යාලයෙන් සාමාන්‍ය පෙළ දක්වාද, කොළබ ඉසිපතන විද්‍යාලයෙන් උසස්පෙළ දක්වාද අධ්‍යාපනය ලබා ඇති අතර ඔහුගේ හැකියාවන ඔස්සේ පසුගිය දශක ගණනාව මුළුල්ලේ  සමාජයට යහපත් බලපෑමක් එක්කල විවිධ දක්‍ෂතා ඇති අයෙකි.


තම පළමු ශාස්ත්‍රීය උපාධිය ලෙස ලින්කන් විශ්වවිද්‍යාලයට අනුයුක්තව ව්‍යාපාර පරිපාලනය (BBA) හදාරන ලද ඔහු ඒෂියා ඊ විශ්වවිද්‍යාලයයේ ව්‍යවසායකත්වය පිළිබද ශාස්තපති උපාධිය (MSc) හ්දාරාන ලදී, ඉන් අනතුරුව ඔහු මොරටුව සරසවියේ ව්‍යවසායකත්වය පිළිබද ව්‍යාපාර පරිපාලන ප්‍රවීණතා (MBA) උපාධිය සම්පුර්ණ කරන ලදී (2019 කණ්ඩායම), මෙහි උපාධි පර්යේෂණය අදාළ ක්ෂත්‍රයේ විවතුන්ගේ පැසසුමට ලක්වී ඇති අතර එය ප්‍රකාශනයක් ලෙස එලි දැක්වීමට මේ වනවිට කටයුතු යොදා ඇත. මේ වනවිට ඔහු ලින්කන් විශ්වවිද්‍යාලයේම ව්‍යාපාර පරිපාලනය පිළිබද ආචාර්ය උපාධිය (DBA) හදාරමින් සිටී. 


ඔහු විසින් මෙතෙක් හදාරා ඇති සියලුම විෂයන්ට පරිබාහිර, ජාත්‍යන්තර අලෙවිකරණය 2022 වසරේ හැදෑරු ඔහු එම වසරේදීම සාර්ථකව CIM විභාගය සමත්වුවා පමණක් නොව ලබාගත් ඉහල සමාර්ථ හේතුවෙන් CIM ආයතනයෙන්ම ගෝලීය අලෙවිකරණ තීරණ (Global Marketing Decitions) නම් ජාත්‍යන්තර ඇගයුම් සම්මානයටද පාත්‍රවනලදී.   

2002 දී බෝල්රුම් නර්තන කලාව සෞන්දර්ය විෂයක් ලෙස හැදෑරීම ආරම්භ කල ඔහු ක්ශෙත්‍රයේ මහගෙදර වන එංගලන්තයේ,  ජාත්‍යන්තර නර්තන ගුරුවරුන්ගෙ සංගමයෙන් (IDTA) තම වෘත්තීය පිළිබඳ ඉහල  අධ්‍යාපනය ලබන ඔහු එහි කෙශ්ත්‍ර තුනකට අදාලව අවසාන අදියර දක්වා සියලු උපාධි සම්පුර්ණ කර ඇත (Fellowship දක්වා), එය ඕනෑම    කෙනෙකුට අදාළ ක්ෂේත්‍රයේ ලැබියහැකි උපරිම අධ්‍යාපනය වේ, 2016 වසරේදී “බෝල්රුම් නර්තන කලාව තුලින් ලංකාවේ පුද්ගලයන්ගේ සන්නිවේදන කුසලතාවය, සාමුහිකව ක්‍රියා කිරිමේ කුසලතාවය සහ නායකත්ව කුසලතාවය දියුණු කිරීම තුලින් ඔවුන්ව නගාසිටුවන්නේ කෙසේද” යන පර්යේෂණ ග්‍රන්ථය පාදක කරගනිමින් ඇල්ඩර්ස්ගේට් විශ්වවිද්‍යාලයෙන් දර්ශන ආචාර්ය උපාධිය හිමිකරගන්නා ලදී (PhD in Social Psychology).


ක්ෂේත්‍ර කිහිපයක කීර්තිමත් පර්යේෂකයෙකු වන ආචාර්ය ඩබ්ලිව්.කේ. කොළඹගේ තම පර්යේෂණ හරහා මානව හැසිරීම්, ආයතනික ගතිකත්වය සහ සමාජ බලපෑමේ විවිධ පැතිකඩයන් ගවේෂණය කිරීම කෙරෙහි අවධානය යොමු කර ඇත. විවිධ සන්දර්භයන් තුළ පුද්ගලයන් ක්‍රියා කරන ආකාරය අවබෝධ කර ගැනීමේ අරමුණින්, සේවක අභිප්‍රේරණය සහ මුල්‍ය ක්ෂේත්‍රයේ කාර්ය සාධනයේ සිට සමාජ කුසලතා වර්ධනයට බෝල්රූම් නර්තනයේ බලපෑම දක්වා මාතෘකා ඔස්සේ පුළුල් පර්යේෂණ සිදු කර ඇත. මේ සෑම අධ්‍යයනයකම අදාළ අංශවල ධනාත්මක වෙනසක් සඳහා දායක විය හැකි දැනුම සහ ප්‍රායෝගික කාරණා රාශියක් ඇතුළත් වේ. මෙම පර්යේෂණ කැපවීම තුළින් ආචාර්ය කොළඹගේ අධ්‍යයන සහ වෘත්තීය ක්ෂේත්‍ර සඳහා සැලකිය යුතු දායකත්වයක් ලබා දී ඇත. මේ අතරින් මොරටුව විශ්ව විද්‍යාලයේ ව්‍යාපාර අධ්‍යයන අංශයට අනුයුක්ත මහාචාර්ය දිනේෂ් සමරසිංහ මහතා (Supervisor) සමග එක්ව "ලංකාවේ ඩිජිටල් ව්‍යවසායකයන්" පිලිබදව කරන ලද පර්යේෂණය, අධ්‍යයන සහ වෘත්තීය ක්ෂේත්‍ර වල පරිහරණය පිණිස එලි දැක්වීමට කටයුතු යොදා ඇත.


උපදේශකයෙක්, කථිකාචාර්යවරයෙක්, කතුවරයෙක් හෝ ව්‍යවසායකයෙක් වශයෙන් වේවා, ආචාර්ය කොළඹගේ තමා සතුව ඇති එකිනෙකට වෙනස් වූ විවිධ ක්ෂේත්‍රවල දැනුම ලබා ගැනීමේ ස්වභාවික කුසලතාව සහ තමා අවට සිටින අයගේ ජීවිත නඟා සිටුවීමට ඇති නොසැලෙන කැපවීම නැවත නැවතත් පසුගිය කාලය පුරාවට ඔප්පු කර ඇත. .


වසර 2000දී  ග්‍රෑන්ඩ් ඔරියන්ටල් හෝටලයේ ගිණුම්කරණ අංශයේ තම පළමු රැකියාව හොබවන ලද ඔහු, ඉතා තරුණ අවධියේ පටන් තම ක්‍රියාකාරකම් හරහා තම කමනාකරණය හැකියාවන් විද්‍යාමාන කරණ ලදී,  පසුව, එවකට අසිත අත්තනායක මහතාට අයත්ව තිබුණු කොළඹ 7 හි පිහිටා තිබුණු නෙට්වර්ක් ඇඩ්වර්ටයිසින් ආයතනය, දෙහිවල පිහිටා තිබුණු ඔකද සමුහ ව්‍යාපාරය, නාවල පිහිටා තිබුණු කළුතොට සමුහ ව්‍යාපාරය යන ආයතනවල කළමනාකරුවෙකු ලෙස පිළිවෙලින් සිය දක්ෂතා දක්වන ලදී. තම දක්ශතා ඔස්සේ එම සෑම ආයතනයකම කෙටිකාලයකින් කෙනෙකුට ලබාගතහැකි උසස්ම තනතුරු භුක්තිවිදීමට ඔහුට හැකිවන ලදි. 


උපතින්ම ඉතා කාර්‍යශූර හා ව්‍යාපාර කලමාකරණයේ හසල දක්ෂයෙකු වූ ඔහු රැකියාවෙන් ලැබෙන වැටුප හා ප්‍රතිලාභ පසෙකලා 2002 දී ඩුවෙස්කෝ පුද්ගලික සමාගම නමින් ICTAD C7 ලියාපදිංචිය ඇති නිවාස ඉදිකිරීමේ සමාගමක් ආරම්භකරන ලදී. ව්‍යාපාරිකයෙකු ලෙස මෙහිදී අති සාර්ථක වෙන ඔහු එවකට සිටී ප්‍රභූවරුන් රැසකට අයත් සුපිරි නිවාස රැසක් ඉදිකරනලදී. මනා ඉදිරි දැක්මක් සහිත වූ ඔහු තරුණ අවධියේදී තම දැනුම සහ හැකියාවන් එක් ක්ෂේත්‍රයකට සිමා කිරීමේ අකමැත්ත නිසාම ක්‍රමක්‍රමයෙන් විවිධ ක්ෂේත්‍ර හරහා තම දනුම උපයාගන්නට සහ තම හැකියාවන් උරගාබලන්නට යොමු වෙන ලදී.


තම දක්ෂතාවල ක්‍ෂේත්‍ර සීමාවක් නොදක්වන ඔහු 2004 දී "Workout With Hiruni" නමින් ශ්‍රී ලංකාවේ විශාලතම කාන්තාවන්ට වන ඇරොබික්ස් ව්‍යායාම පන්ති ජාලය ගොඩනඟන ලද අතර එය මේ වනවිට අප ජනසමාජයේ  කාන්තාවන්ගේ සෞඛ්‍යය සහ යහපැවැත්ම වැඩිදියුණු කිරීමට උපකාරී වී තිබෙනවා පමණක් නොව පුහුණු වැඩසටහන් හරහා රටට සැලකියයුතු ප්‍රමාණයක උපදේශිකාවන් පිරිසක් බිහි කර රටේ ජනතාවගේ ශාරිරික සෞක්‍ය නංවාලීමට දායක වී ඇත.


අවිවාදයෙන්ම ඔහු බහුවිධ දක්ෂතා ඇති පුද්ගලයෙක් වේ. ඇලරිස් ලංකා (පුද්) සමාගමෙ හි සන්නාම තානාපති ලෙස කටයුතු කල ඔහු, 2015-2018 කාලය තුළ හිරු නාලිකාව, දෙරණ නාලිකාව, සහ ස්වර්ණවාහිනී වැනි ශ්‍රී ලංකාවේ ජනප්‍රිය රූපවාහිනී නාලිකාවල කැපී පෙනෙන චරිතයක් විය. ඔහු සෞඛ්‍ය සම්පන්න ජීවන රටාවක් ප්‍රවර්ධනය කිරීම සහ ශ්‍රී ලංකාවේ මිනිසුන්ට සුදුසු සහ ක්‍රියාශීලී ජීවන රටාවක වැදගත්කම පිළිබඳව දැනුවත් කිරීම තම ශක්ති ප්‍රමාණයෙන් සිදුකර ඇත. ඔහු රටට කළ විශිෂ්ඨ මෙහෙවර අගයමින් 2019 වසරේ කීර්තිමත් ජනාභිමානී සම්මානයෙන් පිදුම් ලැබූ අතර, එය ජාතියට සුවිශේෂී මෙහෙවරක් කළ ශ්‍රී ලංකාවේ පුද්ගලයන් කිහිප දෙනෙකුට පමණක් පිරිනැමෙන ඇගයීමකි.

බෝල්රුම් නර්තන කලාව සෞන්දර්ය විෂයක් ලෙස හදාරන අතරතුර අවබෝධ කරදීමේ තම  සුවිශේෂී හැකියාව හදුනාගත් අතර 2004 දී ලතින් ඇමරිකානු හා බෝල්රුම් නර්තන ගුරුවරයෙකු ලෙස තම ගුරු වෘත්තීය ආරම්භ කරන ලදී, ඔහු එවකට ක්ෂත්‍රයේ සිටී ප්‍රසිද්ධ සහ ජනප්‍රිය ගුරුවරයෙකු වුවා පමණක් නොව තවත් දක්ෂ ගුරුවරුන් ගණනාවක්ම ක්ෂේත්‍රයට දායක කිරීමට ඔහු සමත්වන ලදි, ඔහු  2018 දී තම ගුරු වෘත්තීයට සමුදෙන ලදී, ඔහු 2015 සිට මේ දක්වාම ලතින් ඇමරිකානු සහ බෝල්රූම් ජාත්‍යන්තර තරග විනිශ්චයකරුවකු ලෙස ශ්‍රී ලංකාව නියෝජනය කරන අතර සෑම වසරකම ආරාධනා මත තරග විනිශ්චයකරුවෙකු ලෙස ආසියාණු රටවල සංචාරය සදහා ආරාධනා ලබයි. 


ඔහු ජාතික සෞන්දර්ය විශ්වවිද්‍යාලය, ජාතික තරුණ සේවා සභාව, ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය ඇතුළු විශ්වවිද්‍යාල කිහිපයක බාහිර කථිකාචාර්යවරයකු සහ උපදේශකවරයකු ලෙස කටයුතු කර ඇත. මේ කාලය අතරතුර රටේ පිලිගත් රාජ්‍ය හා පෞද්ගලික ආයතන බොහොමයක් සඳහා වැඩමුළු පැවැත්වීමෙන් ලද ජාලකරනය හා අත්දැකීම් සම්භාරයද පසුකලෙක ඔහුගේ අද්විතීය ගමන්මගට ආලෝකයක් එක්කිරීමට සමත්වෙන ලදි. ඔහු 2016 සිට මේ දක්වා අඛණ්ඩව ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ උපදේශක තනතුරේ කටයුතු කරනු ලබයි. 


ඔහුගේ දක්ෂකම් ගැන පැහැදුණු; පළාත් සභා, පළාත් පාලන සහ ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ එවකට සිටී අමාත්‍යවරයා වන ගරු ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා විසින්, 2020 වසරේ සිට ආචාර්ය කොලබගේ මහතාව ජාතික භාෂා අධ්‍යාපන හා පුහුණු ආයතනයේ කළමනාකරණ මණ්ඩලයේ අධ්‍යක්ෂවරයෙකු ලෙස පත්කරන ලද අතර ඔහු මේ දක්වා එම ආයතනයේ තනතුර හොබවයි. 2020 - 2023 අතර කාලය තුල අදාළ ආයතනය මිලියන 165ක වාර්තාගත ආදායමක් උපයාගැනීමට සමත්වී ඇත. 


ඔහු රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවට (2022) අනුයුක්ත මාධ්‍යවේදියෙකු ද වන අතර, දිවයින, මව්බිම, ඇතුළු තවත් ප්‍රකාශන වල පල කරන ලද ලිපි මගින් ඔහුගේ ලේඛන කුසලතා සහ සුවිශේෂී දැනුම සමාජයට සැලකිය යුතු බලපෑමක් ඇති කර ඇත. ලේඛකයෙකු වශයෙන්, පවතින ආර්ථික හා සංස්කෘතික හැසිරීම් ඔහුගේ ප්‍රකාශනවල මාතෘකාව වී ඇත.


දැනට ශ්‍රී ලංකාවේ සාමාන්‍ය ජනතාවගේ යහපැවැත්ම වැඩිදියුණු කිරීම සහ ව්‍යවසායකයින් දිරිමත් කිරීම අරමුණු කරගත් "සාර්ථක පුද්ගලයෙකු වන්නේ කෙසේද" යන මැයෙන් ප්‍රකාශනයක් එලි දැක්වීම සඳහා ඔහු කටයුතු කරමින් සිටී, 2023 අග භාගයේදී කෘතිය එලිදක්වීමට කටයුතු සම්පාදනය කරමින් පවතී.

ආචාර්ය කොළඹගේ යනු ක්‍ෂේත්‍ර කිහිපයක විද්වතෙකු පමණක් නොව සාර්ථක ව්‍යවසායකයෙකි. ඔහු දහසකට ආසන්න පිරිසකට සෘජු හා වක්‍ර රැකියා අවස්ථා නිර්මාණය කර ඇති බහුවිධ ව්‍යාපාර ආරම්භ කර ඒවායේ සභාපතිත්වය දරයි, මේ අතරින් 2017 වසරේ පිහිටවූ සිලෝන් අයුර්වෙදික් හෙල්ත් ටී පුද්ගලික සමාගම කැපී පෙනෙන අතර එය 2017 සිට මේ දක්වා ලංකාවේ මාර්ගගත වෙළදපොල හරහා වැඩිපුරම අලෙවිවන වටිනාකම එකතු කල තේ-කුරුදු පානය මහජනයා වෙත සැපයීමට දායක වී ඇත.  මෙම ඖෂධය තරබාරුකම, දියවැඩියාව සහ ඊට අදාළ රෝග වලට මහගු ප්‍රතිකර්මයක් ලෙස නම්දරා ඇත. 


ඔහු සමාජ සේවකයෙකුද වන අතර, ඔහු විසින් සිදුකරන ලද කැපී පෙනෙන සමාජ සත්කාරයක් ලෙස 2019 වසරේ COVID-19 වසංගතය ඉතා දරුණුව පවතී කාලය තුළ අවශ්‍යතා ඇති පවුල් සොයාගොස්, පවුල් 800ක් සඳහා අවශ්‍ය ආහාරපාන ලබා දීම දැක්විය හැක. 


ඔහු විසින් සමාජයට සිදුකර ඇති මෙහෙය, ඔහුගේ ආදර්ශවත් චරිතය, ඔහුගේ නායකත්ව ගුණාංග අගයනු පිණිස;  2017 වසරේදී,  ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ රාජමහා විහාරාධිපති  කළ්‍යාණී සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ උප නාම ලේඛකාධිකාරී "ගරු අලුත්නුවර අනුරුද්ධ නායක මාහිමිපාණන් වහන්සේගේ" අනුශාසනා පරිදි දායක සභාවේ ගරු සභාපති නිශාන්ත සෙනෙවිරත්න, ගරු පෙරහැර සංවිධායක දයානන්ද ද සිල්වා හා ගරු භාණ්ඩාගාරික රමේශ් සන්ජය යන මහත්වරුන්ගේ මූලිකත්වයෙන් හා ආරාධනාවෙන් ඔහුව 2017 වසරේ සිට කෝට්ටේ ශ්‍රී රජ මහා විහාරයේ විභීෂණ දේවාලයේ ගරු බස්නායක නිලමේවරයා ලෙස ගෞරව පුර්වකව පත්කරන ලද අතර, ඔහු මේ දක්වා එම තනතුරේ කටයුතු කරනු ලබයි.


ඔහු සමාජයට සිදු කරන ලද දායකත්වය ශ්‍රී ලාංකේය ජනතාවට ආශිර්වාදයකි. අනාගතයේදී දේශපාලනයට නොපිවිසෙන බවට සපත කර ඇති ඔහු තම දැනුම, විශේෂඥභාවය සහ ව්යවසායකත්වය තුළින් අන් අයගේ ජීවිත වැඩිදියුණු කිරීම සඳහා තම කාලය කැප කර ඇති අතර, සමාජයට ඔහුගෙන් සිදුවන අනුපමය මෙහෙවර ඉදිරි දශක ගණනාවක් පුරා විහිදෙනු ඇත.